ඔබගේ සෙනඟ තමුන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔබ විසින් යවන යම් මාර්ගයකින් ගොස්, ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනගනලද ගෘහයද දෙසට හැරී ඔබට යාච්ඤාකරන්නෝ නම්,
මම ඔබට නිවාස ගෘහයක්ද සදාකාලේටම ඔබට වැඩ සිටීමට ස්ථානයක්ද සැබවින්ම ගොඩනැගීමියි කීවේය.
රථාධිපතීහු යෙහෝෂාපාට් දුටු විට: මොහු ඉශ්‍රායෙල් රජය කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට ඔහු වටකරගත්තෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය, ස්වාමීන්වහන්සේ ඔහුට පිහිටවී ඔහු වෙතින් ඔවුන් අහක්කෙරෙවුසේක.
ස්වාමීන්වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස යූදාවරු රැස්වූවෝය. යූදාහි සියලු නුවරවලින් ඔව්හු ස්වාමීන්වහන්සේ සොයන්ට ආවෝය.
ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මෙන් පොළොවේ සියලු සෙනඟද ඔබගේ නාමය හැඳිනගෙන ඔබ කෙරෙහි භයවෙන පිණිසත්, මා විසින් ගොඩනැගූ මේ ගෘහයට ඔබගේ නාමය තබා තිබෙන බව දැනගන්නා පිණිසත්, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, විදේශියා ඔබගෙන් ඉල්ලන සියල්ල ලෙස ඔහුට කළමැනව.
ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා, ඔවුන්ට යුක්තිය කළමැනව.
නුමුත් මාගේ නාමය තැබීමට යෙරුසලමද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි ප්‍රධානියා වන පිණිස දාවිත්ද තෝරාගතිමියි කියා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.
එවිට ජාතියේ තානාපතියන්ට දිය යුතු උත්තරය කිමෙක්ද? ස්වාමීන්වහන්සේ සියොන් පිහිටුවා තිබේ, උන්වහන්සේගේ සෙනඟ අතරෙන් පීඩිත අය එහි ආරක්ෂාව ලබන්නෝය කියාය.
ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් දැනගත් විට, තමාගේ ගෙදරට ගොස්, තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබියදී, තමා ඊට පළමු කළාක්මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකොට ස්තුතිකෙළේය.
ස්වාමීන්වහන්සේද නුඹ ගමනක් යවමින්: අමලෙක්වරුන් වන පව්කාරයන් විනාශකරදමා, ඔවුන් නැතිවී යන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධකරන්නැයි කීසේක.
දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.