ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඔබට විරුද්ධව පව්කළ බැවින් සතුරා ඉදිරියෙහි පරාජයවූ කල ඔව්හු ඔබ වෙතට හැරී ඔබගේ නාමය ප්‍රකාශකර මේ ගෘහයෙහිදී ඔබට යාච්ඤාකොට කන්නලව්කරන්නෝ නම්,
ඔබ ස්වර්ගයෙහි සිට අසා, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ පාපය කමාකොට, ඔවුන්ටත් ඔවුන්ගේ පියවරුන්ටත් ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.
ඔබ එදිරිකාරයා කෙරෙන් අප ආපසු හරවනසේක. අපට වෛරවන්නෝද කොල්ලකාගනිති.
ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව, පව්කෙළෙමි, ඔබගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කෙළෙමි. එබැවින් ඔබ කථාකරන කල සාධාරණසේක, විනිශ්චයකරන කල ඔබ ශුද්ධසේක.
තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.
මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.
කඩුව ඉදිරියෙන් දුවන්නාක් මෙන් කිසිවෙකු ලුහු නොබඳින කල ඔව්හු එකිනෙකා පිට හැපී වැටෙන්නෝය. නුඹලාගේ සතුරන් ඉදිරිපිට සිටින්ට නුඹලාට කිසි බලයක් නැතිවන්නේය.
ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන් ඉදිරියෙහි නුඹ පරාජයවෙන්ට සලස්වනසේක. නුඹ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. නුඹ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.
ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව එවන්නාවූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත.
අහෝ, ස්වාමීන්වහන්ස, ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ සතුරන්ට පිටිපෑවාට පසු මම මක්කියම්ද?
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය.