යමෙක් තමාගේ අසල්වාසියාට විරුද්ධව වරද කොට, ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහු පිට තබනලදුව, ඔහු ඇවිත් මේ ගෘහයේ ඔබගේ පූජාසනය ඉදිරිපිට දිවුළොත්,
ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්වට කන්දුන මැනව. එසේය, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව; අසා කමාකළ මැනව.
ඔබ ස්වර්ගයෙහි සිට අසා වදාරමින්, දුෂ්ටයාට ප්‍රතිඵල දී, ඔහුගේ මාර්ගය ඔහුගේ හිස පිටට පමුණුවා ධර්මිෂ්ඨයා නිදොස්කර, ඔහුගේ ධර්මිෂ්ඨකමේ හැටියට ඔහුට විපාක දෙමින්, ඔබගේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව.
ඔහු තමාගේ අසල්වාසියාගේ දෙයට අත නොතැබූ බවට ඔවුන් දෙදෙනා අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිවිරීමක් වේවා; උගේ අයිතිකාරයා එය පිළිගන්නේය, අනික් අය ඊට අලාභය ගෙවන්ට ඕනෑ නැත.
මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ‍්‍යකළ මැනව.
යමෙක් කාරණාවක් දැක නොහොත් දැනගන සාක්ෂිකාරයෙක්ව සිටිද්දී, දිවුරවීමේ හඬ අසා නොදන්වා සිටීමෙන් පව්කළොත්, ඔහු තමාගේ අයුතුකම දැරිය යුතුය.
තවද: යමෙක් පූජාසනය ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් ඒ පිට තිබෙන පඬුර ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය.