Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 5:4

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලන් ආ කල ලෙවීවරු ගිවිසුම් පෙට්ටිය උසුලාගන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් ආ කල පූජකයෝ ගිවිසුම් පෙට්ටිය උසුලාගත්තෝය.

එවිට දාවිත් කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ටත් සෑමකල්හිම උන්වහන්සේට සේවයකරන්ටත් ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ට ඔවුන්ට මිස වෙන කාටවත් යුතු නැතැයි කීවේය.

පෙට්ටියද සම්මුඛවීමේ කූඩාරමද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ භාණ්ඩද ගෙනාවෝය; පූජකයොත් ලෙවීවරුත් ඒවා ගෙනාවෝය.

පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අති ශුද්ධස්ථානය වන ගෘහයේ දේව වාක්‍යස්ථානයට ගෙනැවිත්, කෙරූබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝය.

කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය.

යෝෂුවා පූජකයන්ටද කථාකොට: නුඹලා ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව යන්නැයි කීවේය. ඔව්හු ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව ගියෝය.

එවිට නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පූජකයන් කැඳවා ඔවුන්ට කථාකොට: ගිවිසුම් පෙට්ටිය උසුලා ගන්න, පූජකයෝ සත් දෙනෙක් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් රැගෙන යෙත්වයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්