යොර්දාන් සමභූමියෙහි සුක්කොත්ද ශෙරෙදාද අතරේ තිබෙන මැටි බිමෙහි රජ ඒවා වාත්තුකෙරෙවුවේය.
රජ යොර්දාන් සමභූමියෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තුකෙරෙව්වේය.
සැළිද හැඳිද මස් කොකුද ඒවායේ සියලු බඩුද ඔහු සෑදුවේය. ඔහුට පියෙක්වූ හූරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ ඒ බඩු ඔපදැමූ පිත්තලෙන්ය.
මෙසේ සාලමොන් මේ සියලු භාණ්ඩ මහත් රාශියක් සෑදුවේය. පිත්තලවල බරද දැනගත නොහැකි විය.