මෙසේ සේවය සූදානම්කරනලද්දේය, පූජකයෝ තමුන්ගේ ඉඩමේද ලෙවීවරු තමුන්ගේ පංක්තිවල ප්‍රකාරයටද රජුගේ ආඥාව පරිද්දෙන් සිටියෝය.
ඔව්හු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට තමුන්ගේ පිළිවෙළින් තමුන්ගේ ස්ථානවල සිටියෝය. පූජකයෝ ලෙවීවරුන්ගේ අතින් ලේ රැගෙන ඉස්සෝය.
මෝසෙස්ගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට ඔව්හු පූජකයන් ඔවුන්ගේ කොට්ඨාසවල හැටියටත් ලෙවීවරුන් ඔවුන්ගේ පංක්තිවල හැටියටත් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ මෙහෙය පිණිස පත්කළෝය.