Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 33:17

Sinhala Revised Old Version

එහෙත් සෙනඟ ඊට පසුත් උස්තැන්වල පූජාකළෝය, නුමුත් එසේ කෙළේ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පමණක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ඔහු තමාගේ පියවූ ආසාගේ මුළු මාර්ගයෙහි හැසිරෙමින්, එයින් අහක්නොවී, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණ දේ කෙළේය. එසේ වුවත් උස් තැන් පහනොකරන ලද්දේය; එවකටත් සෙනඟ පූජාද සුවඳ දුම්ද උස් තැන්වල ඔප්පුකළෝය.

එසේ වුවත් උස් තැන් පහ නොකරන ලද්දේය. ඒ වනතෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය.

නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් උස්තැන් පහකරනු නොලැබුවේය. එසේ වුවත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී සම්පූර්ණව තිබුණේය.

එසේ වුවත් උස්තැන් අහක්නොකරනලද්දේය; ඒ වන තුරු සෙනඟ තමුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ දෙසට තමුන්ගේ සිත් යොමුකළෙත් නැත.

උන්වහන්සේගේ උස්තැන්ද පූජාසනද පහකොට: නුඹලා එකම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාරකරන්ටත් ඊපිට සුවඳ දුම් ඔප්පුකරන්ටත් ඕනෑය කියා යූදාටත් යෙරුසලමටත් අණකළේ මේ හෙසකියා නොවේද?

මනස්සේගේ අනික් ක්‍රියාද ඔහු තමාගේ දෙවියන්වහන්සේට ඔප්පුකළ යාච්ඤාවද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට කථාකළ දිවස් ඇත්තන්ගේ වචනද ඉශ්‍රායෙල් රජවරුන්ගේ කථාන්තරයෙහි ලියා තිබේ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්