Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 31:19

Sinhala Revised Old Version

තවද තමන්ගේ නගරබද පිට-බිම්වල විසූ පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියවුණ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් සඳහන්වූ මනුෂ්‍යයෝ සියලු නුවරවල පත්ව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

කොහාත්වරුන්ගේ පවුල් අතරෙන් ආරොන්ගේ පුත්‍රයන්ගේ වාසස්ථාන ඔවුන්ගේ සීමා තුළෙහිවූ ඔවුන්ගේ කඳවුරුවල හැටියට මේවාය, මක්නිසාද පස ඇටය වැටුණේ ඔවුන්ටය.

බෙන්යමින් ගෝත්‍රයෙන් ගෙබා සහ ඒකේ පිට-බිම්ද අල්ලෙමෙත් සහ ඒකේ පිට-බිම්ද අනතෝත් සහ ඒකේ පිට-බිම්ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙනලද්දේය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නුවරවල් දහතුනක්ය.

එවිට නම් සඳහන්වූ මනුෂ්‍යයෝ නැගිට, අසුවුණ අය කැඳවාගන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍රදී, ඔවුන්ට පළඳවා, ඔවුන්ට වහන්ද කෑම බීමද දී, තෙල් ගා, බෙලහීනව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවරවූ යෙරිකෝවට ඔවුන්ගේ සහෝදරයන් වෙතට ගෙනවුත්, පසුව සමාරියට හැරී ගියෝය.

ලියවුණාවූ ඔවුන්ගේ සියලු බාලයන්ද ඔවුන්ගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද යන මුළු සභාවට දුන්නෝය. තවද තමුන්ගේ නියම සේවය සඳහා ඔව්හු විශුද්ධව සිටියෝය.

එසේවී නුමුත් ලෙවීවරුන්ගේ නුවරවල් එනම් ඔවුන්ගේ උරුම නුවරවල ගෙවල් කොයි කලෙක වුවත් ලෙවීවරුන්ට මුදාගත හැකිය.

එහෙත් ඔවුන්ගේ නගරබද ප්‍රදේශයේ කෙත් විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද ඒවා ඔවුන්ගේ නිරන්තර උරුමයක්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්