සෑහෙන පමණ පූජකයන් පවිත්‍රනොවූ නිසාත්, සෙනඟ යෙරුසලමට රැස්නූණ නිසාත්, නියම කාලයට පාස්කුව පවත්වන්ට නොහැකිව,
ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකළ විනිශ්චයකාරයන්ගේ දවස්වල පටන් ඉශ්‍රායෙල් රජුන්ගේද යූදා රජුන්ගේද මුළු කාලයෙහි සැබවින්ම එබඳු පාස්කුවක් නොපවත්වන ලද්දේය.
සාලමොන් සියලු ඉශ්‍රායෙල්වරුන්ට එනම් සහස්‍රාධිපතීන්ටද ශතාධිපතීන්ටද විනිශ්චයකාරයන්ටද පිය වංශවල ප්‍රධානීන් වූ මුළු ඉශ්‍රායෙල්හි අධිපතීන් සියල්ලන්ටද අණකෙළේය.
ඉන්පසු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන පිණිස යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන්ට කියා හෙසකියා ඉශ්‍රායෙල් රටද යූදා දේශයද මුළුල්ලෙහි කියා ඇරියේය, එප්‍රායිම් සහ මනස්සේටත් ලියුම් ලියා ඇරියේය.
මෙසේ දෙවෙනි මාසයේ මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන පිණිස ඉතා මහත් සභාවක්වූ බොහෝ සෙනඟ යෙරුසලමට රැස්වුණෝය.
යළිත් ඔව්හු දෙවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය. පූජකයෝද ලෙවීවරුද ලජ්ජාවට පැමිණ, තුමූම පවිත්‍රවී, ස්වාමීන්වහන්සේගේ ගෘහයට දවන පූජා ගෙනාවෝය.
යොෂියා යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්තුවේය. ඔව්හු පළමුවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය.
ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති; එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය.
මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය; එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිරවන්නේය.
දැනමුතුකම් ලබන්ට නොදන්නාවූ අඥාන මහලු රජෙකුට වඩා දුප්පත් ප්‍රඥාවන්ත යෞවනයෙක් හොඳය.