ඔහු ගෘහයද බාල්කද උළුවහුද ඒකේ භිත්තිද දොරවල්ද ඇතුළුව රනින් වැසුවේය. භිත්තිවල කෙරූබ්-රූපද කැටයම්කළේය.
අලංකාරය පිණිස අනර්ඝ ගල්වලින් ගෘහය සැරසුවේය. ඒ රන් පර්වායිම්හි රන්ය.
තවද මණ්ඩපය තිර දසයකින් සාදන්න; නිල්වන්වූ රත්නිල්වූ රත්වන්වූ කටිනලද සිහින් හණවලින් දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප ඇතුව ඒවා සාදන්න.
ලෑලි රනින් වසා පොලු දමන පිණිස ඒවායේ වළලු රනින් සාදා පොලුද රනින් වසන්න.
උන්වහන්සේගේ ආභරණවල අලංකාරය වනාහි ඔව්හු අහංකාරකමට පෙරළාගත්තෝය. තමුන්ගේ පිළිකුල් රූප වන තමුන්ගේ අශික්ෂිත දේ එහි සාදාගත්තෝය. එබැවින් මම ඒක ඔවුන්ට අපවිත්‍ර දෙයක්කොට තැබුවෙමි.