ඔහු ලොකු ගෘහයේ ඇතුළ දේවදාර ලීවලින් වසා, එහි හොඳ රත්රන් වසා, ඒ මතුපිට තල්ගස්ද දම්වැල්ද සාදා,
අලංකාරය පිණිස අනර්ඝ ගල්වලින් ගෘහය සැරසුවේය. ඒ රන් පර්වායිම්හි රන්ය.
අපේ ගෙයි බාල්ක කිහිරි ගස්ය, අපේ පරාළ දේවදාර ගස්ය.
ඒ කුඩා මුර-ගෙවලටත් ඒවායේ කණුවලටත් ශාලාවලටත් දොරටුවට ඇතුළෙන් වටකරින් පටු කවුළු තිබුණේය. ඇතුළතිනුත් වටකරම කවුළු තිබුණේය. කණුවලද තල්ගස් (කැටයම්කර) තිබුණේය.
කෙරුබ්ද තල් ගස්ද සාදා තිබුණේය; කෙරුබ් දෙකකට අතරේ තල්ගසක් බැගින් තිබුණේය, කෙරුබ් එකකට මුහුණු දෙකක් තිබුණේය.