දේව වාක්‍යස්ථානයෙහි ඔහු දම්වැල් සාදා, ඒවා කුළුනු මුදුන්වල තබා දෙළුම් සියයක් සාදා, ඒවා දම්වැල්වල එල්ලුවේය.
මෙසේ සාලමොන් ගෘහයේ ඇතුළත අනර්ඝ රනින් වසා, රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒක රනින් වැසුවේය.
කුළුනු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින් ඛන්ඩිය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබුණේය.
ගෘහය ඉදිරිපිට ඔහු රියන් තිස් පහක් උස ඇති කුළුනු දෙකක් සෑදුවේය, එක ඒකේ මුදුන පිට තිබුණ පේකඩය පස් රියනක්ය.
ඔහු මාලිගාව ඉදිරිපිට ඒ කුළුනු, එකක් දකුණු පැත්තේද එකක් වම් පැත්තේද පිහිටුවා, දකුණු එකට යාකීන් යන නමද වම් එකට බෝවස් යන නමද තැබුවේය.
එනම් කුළුනු දෙකද, කුළුනු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙකද, කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,
කුළුනු පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයද යන මේවාය.