කෙරූබ්-රූපවල පියාපත්වල දිග විසි රියනක්ය. එකක පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ භිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපත රියන් පහක් දික්ව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට තට්ටුවෙන ලෙසද තිබුණේය.
ඔහු ඒ කෙරුබ් රූප ඇතුල් ගෘහය තුළ පිහිටෙවුවේය. එක කෙරුබ් රූපයක පියාපතක් එක භිත්තියට වදින හැටියටත් අනික් කෙරුබ් රූපයේ පියාපතක් අනික් භිත්තියට වදින හැටියටත් ඒවායේ පියාපත් ගෘහය මධ්‍යයෙහි එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබනලද්දේය.
ඔහු අති ශුද්ධස්ථානයෙහි කෙරූබ්-රූප දෙකක් කපා සාදා තැබුවේය; ඒවා රනින් වසන ලද්දේය.
අනික් කෙරූබ්-රූපයේ පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ භිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපතත් රියන් පහක් දිගව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට වැදෙන ලෙසද තිබුණේය.
ඔවුන්ගේ පියාපත් එකිනෙකට බැඳී තැවරී තිබුණේය; ඔව්හු යන විට නොහැරී කෙළින් ඉස්සරහට ගියෝය.