පාප පූජාවේ එළුවන් ඔව්හු රජු සහ සභාව ඉදිරියට ගෙනාවෝය; ඔව්හු තමුන්ගේ අත් උන් පිට තැබුවෝය.
ඔහු තමාගේ අත දවන පූජා සතාගේ ඉස පිට තබාවා. එය ඔහු උදෙසා සමඟිකම් කිරීමට ඔහු නිසා පිළිගනු ලබන්නේය.
සභාවේ වැඩිමහල්ලෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමන්ගේ අත් ගොනාගේ හිස පිට තැබිය යුතුය. තවද ගොනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මරනු ලබන්නේය.
තමාගේ අත එළුවාගේ හිස පිට තබා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාව මරන තැන්හිදී ඌ මරාවා. එය පාප පූජාවක්ය.
ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාවේ ස්ථානයෙහි පාප පූජාවේ සතා මරාවා.
ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාව මරන තැන්හිදී ඌ පාප පූජාවක් පිණිස මැරිය යුතුය.
ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ස්වාමීන්වහන්සේ ඉදිරියට ගොනා ගෙනවුත් තමාගේ අත ගොනාගේ හිස පිට තබා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මරන්ට ඕනෑය.