Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 29:18

Sinhala Revised Old Version

එවිට ඔව්හු හෙසකියා රජු වෙතට රාජ මාලිගාව ඇතුළට ගොස් කථාකොට: අපි ස්වාමීන්වහන්සේගේ මුළු ගෘහයත් දවන පූජා පුදන පූජාසනයත් ඊට අයිති සියලු භාණ්ඩත් රොටි මේසයත් ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදුකෙළෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ඔව්හු ස්වාමීන්වහන්සේට හැම උදයද හැම සවසද දවන පූජාත් සුවඳ දුම් ඔප්පුකරති. පිදීමේ රොටි රන් මේසය උඩ තබති, රන් පහන්-රුක සමඟ එහි පහන් හැම සවසම දල්වති. මක්නිසාද අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ භාරය පවත්වමුව; නුමුත් නුඹලා උන්වහන්සේ අත්හැරියහුය.

ඔව්හු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා පවිත්‍රකරන්ට පටන්ගෙන, මාසයේ අටවෙනිදා ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපයට ආවෝය; අටදවසකින් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහය පවිත්‍රකර, පළමුවෙනි මාසයේ දහසයවෙනිදා නිමකළෝය.

ඇරත් ආහාස් රජු රජකම්කරන කල තමාගේ ද්‍රෝහිකමේදී අහකදැමූ සියලු භාණ්ඩත් අපි සූදානම්කර පවිත්‍රකෙළෙමුව; ඒවා ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේයයි කීවෝය.

ඔහු පිත්තල පූජාසනයක් සෑදුවේය. ඒකේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, උස දස රියනක්ය.

එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව නුඹලා කියෙවුවේ නැද්ද?




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්