එවිට ආයුධ ගත් තැනැත්තෝ අල්ලාගනු ලැබූ අයින් සහ කොල්ලය අධිපතීන් සහ මුළු සභාව ඉදිරියෙහි හැරදමා ගියෝය.
ඔවුන්ට කථාකොට: අල්ලාගන ආ තැනැත්තන් මෙහි නොගෙනායුතුය, මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව අප කළ වරද හැර අපේ පාප සහ අපේ අපරාධ වැඩිකරන්ට නුඹලා සිතන්නහුය. මක්නිසාද අපේ අපරාධය මහත්ය, තද උදහසද ඉශ්‍රායෙල් කෙරෙහි තිබේයයි කීවේය.
එවිට නම් සඳහන්වූ මනුෂ්‍යයෝ නැගිට, අසුවුණ අය කැඳවාගන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍රදී, ඔවුන්ට පළඳවා, ඔවුන්ට වහන්ද කෑම බීමද දී, තෙල් ගා, බෙලහීනව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවරවූ යෙරිකෝවට ඔවුන්ගේ සහෝදරයන් වෙතට ගෙනවුත්, පසුව සමාරියට හැරී ගියෝය.
එවිට ඔව්හු: අපි ඒවා නැවත දී, ඔවුන්ගෙන් කිසිත් අය නොකර, ඔබ කියන ලෙසම කරන්නෙමුයයි කීවෝය. එවිට මම පූජකයන්ට අඬගසා, මේ කීම ලෙස කරන්ට ඔවුන් දිවුරවා,