උස්සියා දහසය අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි පනස් දෑවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙකිලියාය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.
රජු තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලොත් ගොඩනගා එය යූදාට නැවත අයිතිකරගත්තේය.
ඔහු මාගේ පියවූ අමශියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වලදී යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටුදර්ශනයය.
උස්සියා රජු නැසුණු අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ උස්වූ උසස්වූ සිංහාසනයක වැඩ හිඳිනවා දුටිමි. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් මාළිගාව පිරී තිබුණේය.
යූදාහි රජවරුවූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වල සහ යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලත් බෙයේරීගේ පුත්‍රවූ හොෂෙයාට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
තෙකෝවාහි එඬේරුන් අතරේ සිටි ආමොස් යූදාහි රජවූ උස්සියාගේ දවස්වලද යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලද පොළෝකම්පාවට දෑවුරුද්දකට පළමුවෙන් ඉශ්‍රායෙල් ගැන දුටු කාරණය.
නුඹලාද මාගේ කඳුවල මිටියාවතින් පලායනවා ඇත; මක්නිසාද කඳුවල මිටියාවත ආශෙල් දක්වා වන්නේය. එසේ යූදාහි රජවූ උස්සියාගේ දවස්වලදී නුඹලා පොළෝකම්පාව ඉදිරියෙන් පලාගියාක්මෙන් නුඹලා පලායනවා ඇත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත.