Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 2:14

Sinhala Revised Old Version

ඔහු දාන්ගේ දූවරුන්ගෙන්වූ තැනැත්තියෙකුගේ පුත්‍රයාය, ඔහුගේ පියා තීර්හි මනුෂ්‍යයෙක්ය. ඔබගේ දක්ෂ මනුෂ්‍යයන්ද ඔබගේ පියවූ මාගේ ස්වාමිවූ දාවිත්ගේ දක්ෂ මනුෂ්‍යයන්ද සමඟ ඔහුට නියමකරන සියලු ආකාර වැඩ සොයා දැනගන්ටද රන්, රිදී, පිත්තල, යකඩ, ගල්, ලී වැඩ හා රත්නිල්, නිල්වන්, සිහින් හණ, රතු නූල් වැඩ කරන්ටද කොයියම් කැටයම් වැඩක් නුමුත් කරන්ටද ඔහු සමර්ථය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

ඉතින් මට පියෙක්වූ, ප්‍රඥාවන්තවූ, නුවණින් යුක්තවූ මනුෂ්‍යයෙක් වන හූරාම් එවමි.

ඉතින් මාගේ පියවූ දාවිත් විසින් සොයා දුන්නාවූ මා ළඟ යූදාහිත් යෙරුසලමෙහිත් සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ, රන් රිදී පිත්තල යකඩ වැඩත් රත්නිල්, රතු, නිල්වන් නූල් වැඩත් කිරීමට දක්ෂවූ, සියලු ආකාර කැටයම්වැඩ කරන්ට දන්නාවූ මනුෂ්‍යයෙකු මා ළඟට එවුවමැනවි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්