එවිට කෙනයනාගේ පුත්‍රවූ ශෙදෙකියා ළංවී මීකායාගේ කම්මුලට ගසා: ස්වාමීන්වහන්සේගේ ආත්මය නුඹට කථාකරන්ට මා කෙරෙන් ගියේ මොන මාර්ගයෙන්දැයි ඇසුවේය.
කෙනයනාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් විනාශවන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහිය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.
මීකායාද: බලව, නුඹ සැඟවෙන්ට ඇතුල් ගෙයකට යන දවසේදී දැනගන්නෙහියයි කීවේය.
අනාගතවක්තෘවූ යෙරෙමියාට ගසා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ බෙන්යමින් දොරටුවේ තිබෙන දඬුකඳේ ඔහු දඬුගැසුවේය.
ඔහු තමාට පහරදෙන අයට කම්මුල පෑවාවේ; නින්දාවෙන් පූර්ණවුණාවේ.
ඉතින් හමුදාවල දියණියනි, හමුදා වශයෙන් රැස්වෙන්න. ඔහු අපට විරුද්ධව බලකොටු බැඳ තිබේ. ඔව්හු ඉශ්‍රායෙල්ගේ විනිශ්චයකාරයාගේ කම්මුලට දණ්ඩකින් පහරදෙන්නෝය.
එකල සමහරෙක් උන්වහන්සේට කෙළගසන්ටත් උන්වහන්සේගේ මුහුණ වසා උන්වහන්සේට ගුටි ඇන: දිවස් කියන්නැයි උන්වහන්සේට කියන්ටත් පටන්ගත්තෝය. සේවකයෝද අතුල්පහර දී උන්වහන්සේ භාරගත්තෝය.