රජ තෙමේ: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන ලෙස මම කී වරක් නුඹ දිවුරවම්දැයි ඔහුට කීය.
රජ: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන හැටියට මම කීවරක් නුඹ දිවුරවම්දැයි ඔහුට කීවේය.
ඔහු රජු ළඟට ආකල රජු ඔහුට කථාකොට: මීකායා, අප යුද්ධ පිණිස රාමොත්-ගිලියද්ට යන්ටද නැතහොත් මා නොගොස් සිටින්ටදැයි ඔහුගෙන් ඇසුවේය; ඔහුද: ගොස් සඵලවෙන්න; ඔව්හු නුඹලා අතට පාවාදෙනු ලබන්නෝයයි කීය.
එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර ඉඳිනු දුටුමි. එවිට ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත; එකිනෙකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරීයේවයි කියා වදාළසේකැයි කීවේය.
නුමුත් යේසුස්වහන්සේ කථා නොකර සිටිසේක. එවිට උත්තම පූජකයා: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමියි උන්වහන්සේට කීවේය.
මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්ස, ඔබවහන්සේට මාගෙන් කම මොකද? මට වද නොදෙනමෙන් දෙවියන්වහන්සේගේ නාමයෙන් උදක්ම ඉල්ලමියි මහත් හඬින් මොරගසා කීවේය.
නුමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය කියන්ට පටන්ගෙන: පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට අණකරමියි කීවෝය.
ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත.