ඊළඟට කැමැත්තෙන්ම ස්වාමීන්වහන්සේට භාරවුණාවූ සික්රීගේ පුත්‍රවූ අමසියාය; ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂයක් සිටියෝය.
නුමුත් මේ ආකාරයෙන් ඔබට ඔප්පුකිරීමට පොහොසත් වූ මමත් මාගේ සෙනඟත් කවුරුද? මක්නිසාද සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබගේම දෙයින් අපි ඔබට දුනිමුව.
මාගේ දෙවියන්වහන්ස, ඔබ සිත සෝදිසිකරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබගේ සෙනඟද සතුටු සිතින් ඔබට පූජාකරන බව ප්‍රීතියෙන් දුටිමි.
සෙනඟ එසේ කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීතිවුණෝය, මක්නිසාද ඔව්හු අවංක සිතකින් ස්වාමීන්වහන්සේට පූජාකළෝය. දාවිත් රජද මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණේය.
ඊළඟට අධිපතියාවූ යෙහෝහානාන්ය, ඔහු සමඟ දෙලක්ෂ අසූදාහක් සිටියෝය;
බෙන්යමින්ගෙන් බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්වූ එල්යාදාය, ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධවූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝය.
ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය.
මක්නිසාද මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ.
අධිපතීන් ඉශ්‍රායෙල්හි මූලිකව ගිය බැවින්ද, සෙනඟ කැමැත්තෙන්ම ඉදිරියට ආ බැවින්ද, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න.
සෙනඟ අතරෙන් කැමැත්තෙන්ම ඉදිරියට ආ ඉශ්‍රායෙල් ආණ්ඩුකාරයන් කෙරේ මාගේ සිත ඇලුම්වේ; ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න.