ආසා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔහු මැරුණේ තමාගේ රජකම්කිරීමේ සතළිස් එක්වෙනි අවුරුද්දේදීය.
ආසා තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ යෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ වුණේය.
ආසාගේ රජකම්කිරීමේ තිස්නවවෙනි අවුරුද්දේදී ඔහුගේ පාදවල රෝගයක් විය; ඔහුගේ රෝගය තදබල විය. එහෙත් ඔහු තමාගේ රෝගයේදී ස්වාමීන්වහන්සේ නොව වෙදුන් සෙවුවේය.
ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගන තිබුණු ඔහුගේම සොහොන් ගෙයි ඔහු තැන්පත්කළෝය, යළිත් තෛල මිශ්‍රකරන්නාගේ ශාස්ත්‍රය ලෙස පිළියෙළකළ නොයෙක් ආකාර සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූහ. ඔව්හු ඔහු උදෙසා ඉතා මහත් ගිනිමැලයක් දැල්වුවෝය.