2 ලේකම් 14:7Sinhala Revised Old Versionඔහු යූදාවරුන්ට කථාකොට: අපි මේ නුවරවල් ගොඩනගා අවට පවුරුද කොටුද දොරටුද අගුල්ද සාදමු; අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙවූ බැවින් දේශය තවම නිරවුල්ව අප ඉදිරියෙහි තිබේ; අපි උන්වහන්සේ සෙවුවෙමුව, උන්වහන්සේද හැම අතින්ම අපට නිවාඩුව දී තිබේයයි කීවේය. මෙසේ ඔව්හු ගොඩනගමින් සඵලවූවෝය. පරිච්ඡේදය බලන්න |
සාලමොන්, මාගේ පුත්රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.