Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 13:19

Sinhala Revised Old Version

අබියා තෙමේ යෙරොබොවම් ලුහුබඳවා ගොස් බෙතෙල් සහ ඊට අයිති නුවරවල්ද යෙෂානා සහ ඊට අයිති නුවරවල්ද එප්‍රෝන් සහ ඊට අයිති නුවරවල්ද අල්ලාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.

මෙසේ ඒ කාලයේදී ඉශ්‍රායෙල් පුත්‍රයෝ යටත්කරනලද්දෝය, යූදාවරු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරේ විශ්වාසය තැබූ නිසා ජයගත්හ.

තවද යෙරොබොවම් අබියාගේ කාලයේදී නැවත බලවත් නොවීය. ස්වාමීන්වහන්සේ ඔහුට පහරදුන්සේක, ඔහු මළේය.

ආසා මේ වචනය ප්‍රොපේතවූ ඕදෙද්ගේ අනාගතවාක්‍යයද ඇසූ කල ධෛර්ය උපදවාගන, යූදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් මුළු දේශයෙන්ද එප්‍රායිම් කඳු රටින් තමා විසින් අල්ලාගත් නුවරවලින්ද පිළිකුල් දේවල් අහක්කෙළේය; ඔහු ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපය ඉදිරිපිට තිබුණු ස්වාමීන්වහන්සේගේ පූජාසනයද අලුත්වැඩියාකෙළේය.

ඔහු යූදා රටේ සියලු බලකොටු නුවරවල හමුදාවන් සිටුවා, යූදා දේශයෙහිද තමාගේ පියවූ ආසා අල්ලාගත් එප්‍රායිම් නුවරවලද මුර සේනාවන් සිටෙවුවේය.

එහෙයින් යේසුස්වහන්සේ යුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධයෙන් නොහැසිර, එයින් පිටත්ව වනාන්තරයට සමීප පළාතට පැමිණ, එප්‍රායිම් නම් නුවරකට ගොස් ගෝලයන් සමඟ එහි නැවතී සිටිසේක.

එහෙත් නුඹලා වනාහි නැවතී නොසිටින්න; නුඹලාගේ සතුරන් පස්සේ එළවාගෙන ගොස් ඔවුන්ගෙන් පස්සේ සිටින්නන්ට පහර දෙන්න; තමුන්ගේ නුවරවලට ඇතුල්වෙන්ට ඉඩනාරින්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹලා අතට දී තිබේ යයි කීවේය.

එය සහ එහි රජුද ඊට අයිති සියලු නුවරවල්ද අල්ලාගෙන, කඩු මුවහතින් පහරදී, එක්කෙනෙකුවත් ඉතුරුනොකර එහි සිටිය සියලු ප්‍රාණීන් මුළුමනින්ම විනාශකර දැමුවේය; ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන්ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන්ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේය.

යෝෂුවා මේ සියලු රජුන්ගේ නුවරවල්ද එහි සියලු රජුන්ද අල්වාගෙන, ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ ලෙස කඩුමුවහතින් ඔවුන්ට පහරදී ඔවුන් සිඳදැමුවේය.

සීමාව කන්ද මුදුනේ සිට නෙප්තෝවාහි දිය උල්පත ළඟට වැටී, එතනින් එප්‍රොන් කන්දේ නුවරවල් දක්වා ගියේය; එතනින් සීමාව කිරියත්-යෙයාරීම් වන බාලාට ගොස්,

ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පලා ගිය බවත් සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද මැරුණ බවත් මිටියාවතට මෙහායින්ද යොර්දානෙන් මෙගොඩද සිටි ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දැක නුවරවල් අත්හැර පලාගියෝය; පිලිස්තිවරු ඇවිත් එහි වාසයකළෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්