Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 11:4

Sinhala Revised Old Version

නුඹලා නොයන්න, නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න, එක එකා තම තමාගේ ගෙදරට හැරී යන්න; මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කියන්නැයි කීය. එවිට ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනවලට ඇහුම්කන්දී, යෙරොබොවම්ට විරුද්ධව නොගොස් හැරී ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

16 හුවමාරු යොමු  

එවිට ආබ්‍රම් ලොත්ට කථාකොට: මා සහ නුඹ අතරෙහිද මාගේ එඬේරුන් සහ නුඹේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය.

නුඹලා වනාහි මට නපුර කරන්ට අදහස්කළහුය; එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව රක්ෂාකරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ටකිරීමට දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස්කළසේක.

එවිට අබ්නේර් යෝවාබ්ට අඬගසා: කඩුව නිතරම විනාශකරන්ටද? එයින් අන්තිමේදී තික්තකම හටගන්න බව නුඹ නොදන්නෙහිද? එසේවී නම් තමුන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්ට කියා නුඹ කොපමණ කල් සෙනඟට අණනොකර සිටිනෙහිදැයි කීවේය.

එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත් රටටත් යේවයි කියා ඉර බහින වේලේ සේනාව මුළුල්ලෙහි ප්‍රසිද්ධයක් කරනලද්දේය.

නුඹ සාලමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ රෙහොබොවම්ටත් යූදා සහ බෙන්යමින්හි සියලු ඉශ්‍රායෙල්වරුන්ටත් කථාකොට–

ස්වාමීන්ගේ මන්ත්‍රණය සදාකාලයටද උන්වහන්සේගේ සිත්හි කල්පනා සියලු පරම්පරාවලටද පවත්නේය.

ඔව්හු මාගේ කැමැත්ත නැතුව රජවරුන්ද මා විසින් පිළිනොගත් අධිපතීන්ද පත්කරගත්තෝය. ඔව්හු සිඳදමනු ලබන ලෙස තමුන්ගේ රන් රිදීවලින් දේවරූප සාදාගත්තෝය.

පසුවදා ඔවුන් ඩබරකරන විට ඔහු ඔවුන්ට පෙනී: මනුෂ්‍යයෙනි, නුඹලා සහෝදරයෝය; කුමක් නිසා එකිනෙකාට අයුතුකම් කරවුදැයි කියමින් සමාදානකරන්ට ගියේය.

සහෝදර ස්නේහය පවතීවා.

අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්