Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 10:6

Sinhala Revised Old Version

රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණයකරමින්: මා විසින් මේ සෙනඟට උත්තරදෙන පිණිස නුඹලා මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

එවිට අබ්සලොම් අහිතොපෙල්ට කථාකොට: අප විසින් කුමක් කටයුතුදැයි මන්ත්‍රණය කොට කියන්නැයි කීවේය.

ඔහුද: නුඹලා තුන් දවසකින් නැවත මා ළඟට එන්නැයි ඔවුන්ට කීවේය. සෙනඟ ගියෝය.

වෘද්ධ වයස කථාකළ යුතුය, අවුරුදු රාශිය ප්‍රඥාව ඉගැන්විය යුතු යයි කීමි.

මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය; එහෙත් ඥානවන්තයා දැනමිතිකම් අසන්නේය.

නුඹේ මතු කාලයෙහි නුඹ ප්‍රඥාවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න.

නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න; නුඹේ විපත්ති දවසේදී නුඹේ සහෝදරයාගේ ගෙට නොයන්න; ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය.

සැබවින් නුඹලාගේම ප්‍රාණවලට විරුද්ධව නුඹලා ප්‍රයෝග කළහුය; මක්නිසාද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප උදෙසා යාච්ඤාකර, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ලේ හැටියට අපට දන්වන්න, අපි ඒක කරන්නෙමුව කියා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නුඹලා මා යැවුවහුය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්