Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 10:13

Sinhala Revised Old Version

රජ ඔවුන්ට රළු ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන්ගේ මන්ත්‍රණය අත්හැර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

දේශයේ අධිපතියාවූ ඒ මනුෂ්‍යයා තද ලෙස අපට කථාකොට අපි දේශයෙහි ඔත්තු බලන්නෝයයි සිතුවේය.

යෝසෙප් තමාගේ සහෝදරයන් දැක ඔවුන් ඇඳිනගත්තේය, නුමුත් නාඳුනන්නාක් මෙන් පෙන්වා තද ලෙස ඔවුන්ට කථාකොට: නුඹලා කොතැන සිට ආවහුදැයි ඔවුන්ගෙන් ඇසීය. ආහාර මිලේට ගන්නා පිණිස කානාන් දේශයෙන් ආවෙමුයයි ඔව්හු කීවෝය.

තුන්වෙනිදා නැවත මා ළඟට එන්නැයි රජ කී හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනිදා රෙහොබොවම් ළඟට ආවෝය.

තරුණයන්ගේ මන්ත්‍රණය ප්‍රකාර ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ නුඹලාගේ වියගහ බරකළහ, මම එය වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම්කළහ, මම නුඹලාට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කීවේය.

එහෙත් වැඩිමහල්ලන් ඔහුට දුන්නාවූ දැනමිතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණාවූ තමා ඉදිරියෙහි සිටි තරුණයන් සමඟ මන්ත්‍රණයකරමින්:

ඵාරාවෝ: මා කෙරෙන් යන්න; තවත් මාගේ මුහුණ නොදක්නට බලාගන්න; මක්නිසාද මාගේ මුහුණ දක්නාවූ දවසේදී නුඹ නසින්නෙහියයි කීයේය.

මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.

දිළින්දා බැගෑපත්ව කථාකරයි, එහෙත් වස්තුකාරයා රළු ලෙස උත්තරදෙයි.

මාගේ පුත්‍රය, දැනගැනීමේ වචන කෙරෙන් මුළාකරවන ගුරුකම නොඅසා එයින් වලකින්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්