වැඩකාරයා නැවත සාවුල්ට උත්තරදෙමින්: මා අතේ රිදී ෂෙකෙලකින් සතරෙන් පංගුවක් තිබේ. අපේ මාර්ගය අපට දන්වන පිණිස ඒක දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමියි කීවේය.
රජද: මා සමඟ ගෙදරට ඇවිත් විඩා හැරගන්න, නුඹට ප්‍රසාද පඬුරක් දෙමියි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කීවේය.
නුඹේ අතින් රොටි දසයක්ද බැදපු කැවුම්ද මීපැණි භාජනයක්ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට මක්වේද කියා ඔහු නුඹට දන්වනවා ඇතැයි කීවේය.
ඔහුද: මේ නුවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් සිටී, ඒ මනුෂ්‍යයා ගෞරවණීය කෙනෙක්ය; ඔහු කියන සියල්ල සැබවින් සිදුවෙයි. අපි එහි යමු; සමහරවිට අප යන ගමන ගැන ඔහු අපට දන්වනවා ඇතැයි ඔහුට කීවේය.