සාමුවෙල් සාවුල් දුටු විට ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: මෙන්න, මා නුඹට කී මනුෂ්‍යයා! මොහු මාගේ සෙනඟ කෙරෙහි බලය පවත්වන්නේයයි කීසේක.
තවද සබත් දවසට ඉස්සරින් යෙරුසලමේ දොරටුවලට අඳුර වැටෙන කල දොරවල් පියන්ටත්, සබත් දවස පසුවෙන තුරු ඒවා නාරින්ටත් අණකර, සබත් දවසේ කිසි බරක් ඇතුළට නොගෙනෙන පිණිස මාගේ මෙහෙකරුවන්ගෙන් සමහරෙකු දොරටු ළඟ සිටෙවුවෙමි.
මම ඔවුන්ට තරවටුකර, ඔවුන්ට ශාපකර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුළා, නුඹලාගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දෙන්ටවත් ඔවුන්ගේ දූවරුන් නුඹලාගේ පුත්‍රයන්ට හා නුඹලාට ගන්ටවත් එපාය කියා දෙවියන්වහන්සේ ගැන ඔවුන් දිවුරවා,
මෙසේ මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස හිරගෙයි මළුවට මා ළඟට ඇවිත්: අනේ බෙන්යමින් දේශයේ අනාතෝත්හි තිබෙන මාගේ කෙත මිලේටගන්න. මක්නිසාද උරුමයේ අයිතිවාසිකම තිබෙන්නේ නුඹටය, නිදහස්කරගැනීමත් නුඹට අයිතිය; නුඹම ඒක මිලේට ගන්නැයි කීය. එවිට මෙය ස්වාමීන්වහන්සේගේ වචනය බව දැනගතිමි.
මාගේ උදහසින් නුඹට රජෙකු දුන්නෙමි, මාගේ කෝපයෙන් ඔහු පහකෙළෙමි.
ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලුවෝය. දෙවියන්වහන්සේ බෙන්යමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙක්වූ කීෂ්ගේ පුත්‍රවූ සාවුල් සතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන්සේක.
ඔහුගේ පුත්‍රයන් තමුන් පිටට ශාපයක් පමුණුවාගන්න බව ඔහු දැනගනත් ඔවුන් නොවැලැක්වූ අපරාධය නිසා මම ඔහුගේ වංශය සෑමකල්ම විනිශ්චයකරන්නෙමියි ඔහුට දැන්වීමි.
එවිට සාවුල් දොරටුවේදී සාමුවෙල් ළඟට ඇවිත්: දිවස් ඇත්තාගේ ගෙය තිබෙන්නේ කොතනද කියා මට දැන්නුවමැනවැයි කීවේය.