ස්වාමීන්වහන්සේද: සෙනඟ නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. මක්නිසාද ඔව්හු නුඹ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය.
මෝසෙස්: මෙසේ වන්නේ ස්වාමීන්වහන්සේ සවස නුඹලාට කන පිණිස මාංසද උදය සෑහෙන තරම් ආහාරද දෙන විටය; මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කොඳුරන නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද? නුඹලාගේ කෙඳිරීම් අපට විරුද්ධව නොව ස්වාමීන්වහන්සේට විරුද්ධවයයි කීවේය.
මමත් ඔවුන්ට නිසි විපත්ති නියමකොට, ඔවුන් භයවන දේ ඔවුන් පිටට පමුණුවන්නෙමි; මක්නිසාද මා අඬගැසූ විට කිසිවෙක් උත්තර නුදුන්නේය; මා කථාකළ විට ඔව්හු නොඇසුවෝය; ඔව්හු මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කර, මා කැමැති නැති දේ තෝරාගත්තෝය.
එක එකා තම තමාට විකුණනු ලැබ හය අවුරුද්දක් තමාට වැඩකළාවූ තමාගේ සහෝදරවූ හෙබ්‍රෙවුවා අවුරුදු හතක කෙළවරේදී තමා වෙතින් නිදහස්කර හැරිය යුතුයයි කීවෙමි. එහෙත් නුඹලාගේ පියවරු මට ඇහුම්කන්දුන්නේවත් තමාගේ කන් යොමුකළේවත් නැත.
උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධව කැරළිගැසුවාවූ කැරළිකාර ජාතීන් වන ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට නුඹ යවමි. ඔව්හුද ඔවුන්ගේ පියවරුද අද දවස දක්වාම මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය.
නුමුත් ඉශ්‍රායෙල් වංශය මට ඇහුම් කන්දෙන්ට කැමති නැති බැවින් ඔව්හු නුඹට ඇහුම්කන්දෙන්ට කැමැති නොවෙති. මක්නිසාද මුළු ඉශ්‍රායෙල් වංශය දැඩිවූ නළල්ද තද සිත්ද ඇත්තෝය.
දෙවියන්වහන්සේ රාත්‍රියෙහි බාලාම් වෙතට අවුත් ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයෝ නුඹ කැඳවන පිණිස අවුත් සිටිත්නම් නැගිට ඔවුන් සමඟ යන්න; එසේවී නුමුත් මා නුඹට කියන වචනය පමණක්ම කරන්නැයි කීසේක.
නුඹලා පිළිගන්නා මා පිළිගන්නේය, මා පිළිගන්නා මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේය.
නුඹලාගේ වචන අසන්නා මාගේ වචන අසයි; නුඹලා එපාකරන්නා මා එපාකරයි; මා එපාකරන්නා මා එවූ තැනන්වහන්සේ එපාකරන්නේයයි කීසේක.
එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය.
එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.
සැබවක් සැබවක් නුඹලාට කියමි–දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නැත; පණිවුඩකාරයෙක්ද තමා යැවූ තැනැත්තාට වඩා උතුම් නැත.
ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලා කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි, මාගේ පුත්‍රයාවත් නුඹලා කෙරෙහි ආණ්ඩුනොකරන්නේය; ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ආණ්ඩුකරනසේකැයි කීවේය.
එහෙත් නුඹලාගේ සියලු විපත්තිවලින්ද පීඩාවලින්ද නුඹලා ගැළෙවූ නුඹලාගේ දෙවියන්වහන්සේ නුඹලා අද එපාකර: රජකෙනෙකු අප කෙරෙහි පත්කරන්ට ඕනෑයයි උන්වහන්සේට කීවහුය. එබැවින් දැන් නුඹලාගේ ගෝත්‍ර හා දහස් ගණන් ප්‍රකාරයට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කියනසේකැයි කීවේය.
සාමුවෙල් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කථාකොට: මෙන්න, නුඹලා මට කී සියල්ල ගැන මම නුඹලාගේ හඬට ඇහුම්කන්දී නුඹලා කෙරෙහි රජෙකු පත්කෙළෙමි.
නුමුත් අම්මොන් පුත්‍රයන්ගේ රජවූ නාහාෂ් නුඹලාට විරුද්ධව එන බව නුඹලා දුටු කල, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ රජව සිටි නුමුත් නුඹලා–එසේ නොවේ, රජකෙනෙක් අප කෙරෙහි රජකම්කරන්ට ඕනෑයයි කීවහුය.
ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී ඔවුන්ට රජෙකු පත්කරන්නැයි ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කීසේක. සාමුවෙල්ද: නුඹලා එකිනෙකා තමතමාගේ නුවරට යන්නැයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට කීවේය.
මා විසින් ඔවුන් මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දවස දක්වා මා අත්හැර වෙන දෙවිවරුන්ට සේවයකරමින් ඔවුන් කළාවූ සියලු ක්‍රියාවල හැටියට ඔව්හු නුඹටත් කරති.