ඔහු ඔවුන් සහස්‍රාධිපතීන් කොටද පනසාධිපතීන් කොටද පත්කරගන්නේය. ඔහු සමහරුන් තමාගේ බිම් හාන්ටද තමාගේ ගොයම් කපන්ටද තමාගේ යුද්ධායුධත් රථායුධත් සාදන්ටද පත්කරගන්නේය.
රජුටත් ඔහුගේ ගෘහ වාසීන්ටත් ආහාර සපයන පිණිස සාලමොන්ගේ මුලාදෑනීන් දොළොස්දෙනෙක් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි පත්ව සිටියෝය. එසේ සපයාදීම එකිනෙකාට වැටුණේ අවුරුද්දකට මාසයක් බැගින්ය.
එවිට මෝසෙස් යුද්ධයෙන් හැරී ආවාවූ සහස්‍රාධිපතීන් වන සේනාවේ මුලාදෑනීන් කෙරෙහි උදහස්ව:
සාවුල් තමා වෙත සිටි තමාගේ සේවකයන්ට කථාකොට: බෙන්යමින්වරුනි, අසන්න; යෙස්සේගේ පුත්‍රයා නුඹලා හැමදෙනාට කෙත්ද මිදිවතුද දෙනවා ඇද්ද? නුඹලා සියල්ලන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද කරනවා ඇද්ද?
ඔහු නුඹලාගේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිසද කෑම උයන පිණිසද රොටි පුලුස්සන පිණිසද ගන්නේය.