බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇර බැලූ නිසා උන්වහන්සේ සෙනඟගෙන් සැත්තෑ දෙනෙකුටත් පනස් දහසකටත් පහර දුන්සේක. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරෙහි මහත් නාස්තියක් කළ බැවින් සෙනඟ වැලපුණාහ.
එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය; ඒ වරද නිසා දෙවියන්වහන්සේ එහිදී ඔහුට පහර දුන්සේක; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මළේය.
මෙසේ ඉශ්‍රායෙල්හි රජවූ යෝවාෂ් පිටතට ගියේය; ඔහුද යූදාහි රජවූ අමශියාද යූදාට අයිති බෙත්-ෂෙමෙෂ්හිදී මුණගැසුණෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බැස යව, බලන පිණිස සෙනඟ ස්වාමීන්වහන්සේ වෙතට සීමා බිඳගන අවුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් නොනස්නා පිණිස සීමාව ඉක්මවා නොයනලෙස ඔවුන්ට අණකරව.
සෙනඟ ඒ නපුරු ප්‍රවෘත්ති අසා වැලපුණෝය. කිසි මනුෂ්‍යයෙක්වත් තමාගේ ආභරණ පැළඳ නොගත්තේය.
මණ්ඩපය ගෙනයන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක බාගන්නෝය. මණ්ඩපය පිහිටුවන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක පිහිටුවන්නෝය. අන්‍යයෙක් ළංවුණොත් ඔහු මරනු ලැබිය යුතුය.
කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය.
කොහාත්වරුන්ගේ පවුල්වල ගෝත්‍රය ලෙවීවරුන් අතරෙන් නාස්තිවෙන්ට ඉඩ නෑර,
එහෙත් ඔව්හු නොනස්නා පිණිස මොහොතකටවත් ශුද්ධස්ථානය බලන්ට ඇතුල් නොවෙත්වයි කීසේක.
රහස්වූ දේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අයිතිය. එහෙත් මේ ව්‍යවස්ථාවේ සියලු වචන අප විසින් පවත්වන පිණිස එළිදරව්කර තිබෙන දේ අපටත් අපේ දරුවන්ටත් සදාකාලයටම අයිතිය.
පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී,
මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?