Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 සාමුවෙ 4:6

Sinhala Revised Old Version

පිලිස්තිවරු ඒ ඝෝෂාවේ ශබ්දය අසා: හෙබ්‍රෙව්වරුන්ගේ කඳවුරේ තිබෙන මේ මහත් ඝෝෂා ශබ්දය කිමෙක්දැයි කීවෝය. ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය කඳවුරට පැමිණි බව ඔව්හු දැනගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු: මේ හෙබ්‍රෙව්වෝ මෙහි මක්කෙරෙද්දැයි ඇසුවෝය. ආකීෂ් පිලිස්තිවරුන්ගේ අධිපතිවරුන්ට කථාකොට: මොහු ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ සාවුල්ගේ සේවකයෙක්ව සිටිය දාවිත් නොවේද? මොහු දැන් කලක නොහොත් අවුරුදු ගණනක සිට මා සමඟ සිටියි, ඔහු මට එකතුවුණදා පටන් අද දක්වා ඔහු අත කිසි වරදක් මට සම්බවුණේ නැතැයි කීවේය.

ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරට පැමිණි කල සියලු ඉශ්‍රායෙල්වරු පොළොව දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.

එවිට පිලිස්තිවරු භයවුණෝය, මක්නිසාද: දෙවියන්වහන්සේ කඳවුරට වැඩියසේකැයි ඔව්හු කීවෝය. ඔව්හු කථාකොට: අපට දුක්වේ! මක්නිසාද මෙබඳු දෙයක් මීට ප්‍රථම නොවීය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්