තවද පසුවදා මැරුම්කෑ අයගෙන් කොල්ලය ගන්ට පිලිස්තිවරුන් ආ කල සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ගිල්බෝවා කන්දේ වැටී ඉන්නවා ඔවුන්ට සම්බවුණේය.
පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීතිනොවන පිණිසද අචර්මඡේදිතයන්ගේ දූවරුන් ජයඝෝෂා නොකරන පිණිසද එය ගාත්හි නොදන්වව්, අෂ්කෙලොන් වීදිවල ප්‍රකාශනොකරව්.
එම්බා ගිල්බෝවා කඳුනි, නුඹ පිට පිනිවත් වර්ෂාවවත් නොවැටේවා, ප්‍රථම ඵල පූජා පිට්ටනිද නොතිබේවා. මක්නිසාද බලවතුන්ගේ පලිහ වන සාවුල්ගේ පලිහ තෙලින් ආලේපකරනු නොලැබුවාක් මෙන් අගෞරව ලෙස අහක දමනලද්දේය.
තවද පසුවදා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල, සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද ගිල්බොවා කන්දේ වැටී ඉන්නවා දුටුවෝය.
යෙහෝෂාපාට්ද ඔහුගේ සෙනඟද ඔවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල වස්තුවද මළකඳන්ද අනර්ඝ බඩුද ඔවුන්ට සම්බවුණේය; ගෙනයන්ට බැරි තරමට ඔව්හු ඒවා ගළවාගත්තෝය. කොල්ලය අධික බැවින් ඔවුන් තුන් දවසක් ඒවා එකතුකරමින් සිටියෝය.
පිලිස්තිවරු රැස්වී ඇවිත් ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝය. සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කෙළේය, ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්තෝය.
ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පලා ගිය බවත් සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද මැරුණ බවත් මිටියාවතට මෙහායින්ද යොර්දානෙන් මෙගොඩද සිටි ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දැක නුවරවල් අත්හැර පලාගියෝය; පිලිස්තිවරු ඇවිත් එහි වාසයකළෝය.
ඔව්හු ඔහුගේ හිස කපා දමා, ඔහුගේ ආයුධ ගළවා, එපවත් තමුන්ගේ දේවාලයෙහිත් සෙනඟ අතරෙහිත් ප්‍රකාශකරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි හැරියෝය.