සියලු එළු බැටළුවන්ද ගවයින්ද දාවිත් ගත්තේය, උන් අනික් සිව්පාවුන්ට පෙරටුවෙන් දක්කමින්: මෙය දාවිත්ගේ කොල්ලයයයි කීවෝය.
ඔව්හු සිව්පාවුන්ගේ මඩුවලටත් පහරදී බොහෝ බැටළුවන්ද ඔටුවන්ද අල්ලාගෙන යෙරුසලමට හැරී ආවෝය.
යෙහෝෂාපාට්ද ඔහුගේ සෙනඟද ඔවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල වස්තුවද මළකඳන්ද අනර්ඝ බඩුද ඔවුන්ට සම්බවුණේය; ගෙනයන්ට බැරි තරමට ඔව්හු ඒවා ගළවාගත්තෝය. කොල්ලය අධික බැවින් ඔවුන් තුන් දවසක් ඒවා එකතුකරමින් සිටියෝය.
එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදාදෙන්නෙමි, බලවන්තයන් සමඟද උන්වහන්සේ කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබ, උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදහත්කම්කරනසේක.
නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.
දාවිත් අනුව යන්ට බැරි ලෙස වෙහෙසව සිටියාවූ, බෙසොර් ඔය ළඟ සිටින්ට ඇරියාවූ මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමගට ආවෝය. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔවුන්ට ආචාරකෙළේය.
දාවිත් ශික්ලග්ට පැමුණුණු විට තමාගේ මිත්‍රයන් වන යූදාහි වැඩිමහල්ලන්ට කොල්ලයෙන් කොටස් යවමින්: මෙන්න, ස්වාමීන්වහන්සේගේ සතුරන්ගෙන් ගත් කොල්ලයෙන් නුඹලාට තෑගියයි කියා ඇරියේය;