එබැවින් ඒලී සාමුවෙල්ට කථාකොට: නුඹ ගොස් නිදාගන්න. නුඹට හඬගැසුවොත්–ස්වාමීන්වහන්ස, කථාකළමැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවාය කියා කියන්නැයි කීවේය. සාමුවෙල් ගොස් තමාගේ ස්ථානයෙහි නිදාගත්තේය.
දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා.
තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය.
මෝසෙස්ට කථාකොට: ඔබ අප සමඟ කථාකළ මැනවි, අපි අසන්නෙමුව. දෙවියන්වහන්සේ අප සමඟ කථානොකරනසේක්වා, කථාකළොත් අප නසිනවා ඇතැයි කීවෝය.
එවිට: මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නා වූ ස්වාමීන්වහන්සේගේ හඬ මට ඇසුණේය. මමද: මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි කීමි.
ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යය, භය නොවන්න. නුඹට සමාදානය වේවා, සවිවෙන්න, සවිවෙන්නැයි කීවේය. ඔහු මට කථාකළ විට මම සවිවී: ස්වාමීන්වහන්සේ කථාකරනසේක්වා, ඔබ මා සවිකළසේකැයි කීවෙමි.
නුමුත් නැගිට නුවරට ඇතුල්වෙන්න, නුඹ විසින් කටයුතු දේ නුඹට කියනු ලබන්නේයයි කීසේක.
ඒ තෙමේද: එසේ නොවෙයි; මම දැන් ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමියි කීවේය. එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාරකොට: මාගේ ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක්දැයි ඇසීය.
ස්වාමීන්වහන්සේ ඇවිත් සිට වෙන වතාවලදී මෙන්: සාමුවෙල්, සාමුවෙල් කියා හඬගැසූසේක. එවිට සාමුවෙල්: කථාකළ මැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවායයි කීවේය.
ස්වාමීන්වහන්සේ තුන්වෙනි වරත් නැවත සාමුවෙල්ට හඬගැසූසේක. ඔහු නැගිට ඒලී ළඟට ගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. එවිට ස්වාමීන්වහන්සේ ළමයාට හඬගසන බව ඒලී දැනගත්තේය.