Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 සාමුවෙ 3:6

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ නැවතත්: සාමුවෙල් කියා හඬගැසූසේක. සාමුවෙල් නැගිට ඒලී ළඟට ගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. මාගේ පුත්‍රය, මම හඬනොගැසීමි; නැවතත් නිදාගන්නැයි ඔහු කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ඔහු තමාගේ ඇස් ඔසවා තමාගේ මවුගේ පුත්‍රවූ තමාගේ සහෝදරවූ බෙන්යමින් දැක: නුඹලා කී නුඹලාගේ බාල සහෝදරයා මොහුදැයි අසා: මාගේ පුත්‍රය, දෙවියන්වහන්සේ නුඹට කරුණාකරනසේක්වයි කීවේය.

එවිට ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් නැවතත් යෝවාබ්ට කථාකොට: කොහොම නුමුත් මටත් කූශියයා පස්සේ දුවන්ට අවසර දුනමැනවැයි කීවේය. යෝවාබ්ද: මාගේ පුත්‍රය, නුඹට සෑහෙන ආරංචි නැති කොට දුවන්නේ මක්නිසාදැයි ඇසුවේය.

එවිට, ඔව්හු ඇඳක ඔත්පළව හුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, ධෛර්යවත්වෙන්න; නුඹේ පව් කමාකරනලද්දේයයි අංශභාග රෝගියාට කීසේක.

ඔහු: මම මෙහියයි කියා, ඒලී ළඟට දිවගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. ඔහුද: මම හඬනොගැසීමි; නැවත නිදාගන්නැයි කීවේය. ඔහු ගොස් නිදාගත්තේය.

සාමුවෙල් ඒ වෙන තුරු ස්වාමීන්වහන්සේ නොහැඳින්නේය, ඒ වෙන තුරු ස්වාමීන්වහන්සේගේ වචනයද ඔහුට එළිදරව්නොවීය.

ඒ මනුෂ්‍යයා කථාකොට: සේනාවේ සිට ආ තැනැත්තා මමය, අද සේනාවේ සිට පලා ආමියි ඒලීට කීවේය. ඔහුද: මාගේ පුත්‍රය, එහි සිද්ධවුණේ කිමෙක්දැයි ඇසුවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්