ඒ කාලයේ ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන ලෙස අඳුරුවෙන්ට පටන්ගෙන තිබුණේය.
තවද ඊසාක් මහලුව ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුවූ කල්හි තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව් කැඳවා: මාගේ පුත්‍රයයි ඔහුට කීය. ඔහුද: මම මෙහියයි කීවේය.
වයස නිසා ඉශ්‍රායෙල්ගේ ඇස් හොඳට නොපෙනී අඳුරුව තිබුණේය. ඔහුද ඔවුන් ඔහු ළඟට ගෙනායේය; ඔහු ඔවුන් සිඹ වැලඳගත්තේය.
ඔහුගේ පියා ඊට කැමතිනොවී: මම දනිමි, මාගේ පුත්‍රය, මම දනිමි. ඔහුද සෙනඟක් වන්නේය, ඔහුද උත්තම වන්නේය. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා උතුම් වන්නේය, ඔහුගේ වංශයද ජාති සමූහයක් වන්නේයයි කීය.
යෙරොබොවම්ගේ භාර්යාව එසේ කොට පිටත්වී ෂීලෝට ගොස් අහියාගේ ගෙදරට පැමිණියාය. මහලුකම නිසා අහියාගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුව තිබුණේය.
අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.
ඒ කාලයෙහි ගෙයි රැකවල්ලු වෙවුලන්නෝය, බලවන්තයෝ නැමෙන්නෝය, අඹරන්නෝ ස්වල්ප බැවින් නවතින්නෝය, කවුළුවලින් බලන්නෝ අඳුරුවන්නෝය;
ඒලී ඉතා මහලුව සිටියේය; තමාගේ පුත්‍රයන් විසින් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කළ සියල්ලත් සම්මුඛවීමේ කූඩාරම් දොරකඩ සේවයකළාවූ ස්ත්‍රීන් සමඟ ඔවුන් සයනයකරන බවත් ඔහුට ආරංචිවිය.
ඒලී වනාහි අනූ අට අවුරුද්දක් වයස්ව සිටියේය; ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුව තිබුණේය.