එවිට ඒලී: මාගේ පුත්‍රය, සාමුවෙල්යයි කියා සාමුවෙල්ට හඬගැසුවේය. ඔහුද: මම මෙහියයි කීවේය.
එවිට දෙවියන්වහන්සේගේ දූතයා: යාකොබ් කියා හීනයෙන් මට කීසේක. මම මෙහියයි කීයෙමි.
ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: නුඹේ සහෝදරයෝ ෂෙඛෙම්හි රැළ කවන්නාහු නොවෙද්ද? එන්න, නුඹ ඔවුන් ළඟට හරින්නෙමියි කීවේය.
එවිට බෝවස්: මාගේ දියණියෙනි, අහන්න; වෙන කෙතකට ඇහිඳින්ට නොයන්න, මෙතැනින් නොගොස් මෙහි මාගේ තරුණියන් එක්කම සිටින්න.
දැන් රජ්ජුරුවෝ නුඹලා ඉදිරියෙහි හැසිරෙන්නෝය. මම නම් මහලුය, මාගේ හිසකෙස් පැහී තිබේ; මාගේ පුත්‍රයෝත් නුඹලා සමඟ සිටිති. මම බාල වයසේ පටන් අද දක්වා නුඹලා ඉදිරියෙහි හැසුරුණෙමි.
සාමුවෙල් පහන්වෙන තුරු නිදාහිඳ, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි දොරවල් ඇරියේය. නුමුත් සාමුවෙල් දර්ශනය ඒලීට දන්වන්ට භයව සිටියේය.
එවිට ඔහු: ස්වාමීන්වහන්සේ නුඹට කී කාරණය මොකද? ඒක මාගෙන් නොසඟවන්න. උන්වහන්සේ නුඹට කී සියලු දෙයින් නුඹ යමක් මාගෙන් සඟවන්නෙහිනම් දෙවියන්වහන්සේ නුඹට එසේමත් ඊට වැඩියෙනුත් කරනසේක්වයි කීවේය.