ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මෙන්න, මම ඉශ්‍රායෙල්හි කාරණයක් කරන්නෙමි, ඒක අසන සියල්ලන්ගේ කන් දෙක ලෙළදෙන්නේය.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-බලව, අසන සියල්ලන්ගේ කන්දෙක ලෙළදෙන තරම් මම යෙරුසලම සහ යූදාවරුන් පිටට විපත්තිය පමුණුවන්නෙමි.
අන්න, ඌ ගැන බලාපොරොත්තුවීම නිෂ්ඵලය. යමෙක් ඌ දුටු පමණින් වැටෙනවා නොවේද?
එය එන එන විට නුඹලාව අල්ලාගන්නවා ඇත; මක්නිසාද උදයෙන් උදයද රෑ දාවල්ද එය එනවා ඇත. ඒ ආරංචිය තේරුම්ගැනීමම භීතියක්ව තිබෙයි.
මම තවත් මේ සෙනඟ අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුමවූ අපූරු ක්‍රියාවක් කරන්ට පටන්ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැතිවී යන්නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණද සැඟවීයන්නේයයි කීසේක.
යූදාහි රජවරුනි, යෙරුසලමේ වැසියෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–අසන සියල්ලන්ගේ කන් ලෙළදෙන තරමට මේ ස්ථානය පිටට විපත්ති පමුණුවමි.
ජාතීන් අතරෙහි බලා, කල්පනාකර, ඉතා විස්මපත්වෙන්න. මක්නිසාද නුඹලාට කීවත් නුඹලා විශ්වාස නොකරන ක්‍රියාවක් නුඹලාගේ දවස්වලදී කරමි.
මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය.
අනාගතවක්තෘවරුන්ගේ පොත්වල කියා තිබෙන කාරණා නුඹලා පිටට නොපැමිණෙන ලෙස බලාගන්නැයි කීවේය.
ස්වාමීන්වහන්සේ ඇවිත් සිට වෙන වතාවලදී මෙන්: සාමුවෙල්, සාමුවෙල් කියා හඬගැසූසේක. එවිට සාමුවෙල්: කථාකළ මැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවායයි කීවේය.
පිලිස්තිවරු සටන්කළෝය, එවිට ඉශ්‍රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරමට පලාගියෝය. ඉතා මහත් නාස්තියක් සිදුවිය; ඉශ්‍රායෙල්වරුන්ගෙන් පාබළ සෙනඟ තිස්දාහක් වැටුණෝය.