දාවිත් ගාත්ට පලාගිය බව සාවුල්ට දන්වනලද්දේය. ඔහු තවත් ඔහු නොසෙවුවේය.
ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟින් පැත්තෙන් ගියෝය. සියලු කෙරෙතිවරුද සියලු පෙලෙතිවරුද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තියයන්වූ මනුෂ්‍යයන් හසියයක්ද ඔහුට පෙරටුවෙන් ගියෝය.
එවිට සාවුල්: මම පව්කෙළෙමි. මාගේ පුත්‍රවූ දාවිත්, හැරීඑන්න. මාගේ ප්‍රාණය අද දවසේ නුඹට අනර්ඝව පෙනුණු නිසා නුඹට තවත් හිංසා නොකරන්නෙමි. මම මෝඩයෙක් මෙන් හැසිර බොහෝසේ මුළාවීමියි කීවේය.
දාවිත් සහ ඔහුගේ මිනිස්සුද ඔවුනොවුන්ගේ පවුල්ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාවව සිටියාවූ කර්මෙලිය අබීගායිල්ද ආකීෂ් වෙත ගාත්හි විසුවෝය.
තවද දාවිත් ආකීෂ්ට කථාකොට: ඔබගේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේනම් මට වාසයකිරීමට පිටිසර නුවරක යම් ස්ථානයක් ලැබේවා. ඔබගේ මෙහෙකරුවා ඔබ සමඟ රජ නුවර වාසයකරන්නේ මක්නිසාදැයි කීවේය.