ආකීෂ් දාවිත් විශ්වාසකොට: ඔහු තමාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් තමාට මුළුමනින් පිළිකුල්කරන්ට සලස්වාගත් බැවින් ඔහු සෑම කල්හිම මාගේ මෙහෙකරුවා වන්නේයයි කීවේය.
එවිට යාකොබ් සිමියොන්ටත් ලෙවීටත් කථාකොට: දේශයේ වැසියන්වූ කානානිවරුන් සහ පෙරිස්සිවරුන් විසින් මා නුරුස්සනු ලබන්ට සැලැස්වීමෙන් නුඹලා මා හිරිහැරයට පත්කළහුය. ගණනින් ස්වල්පවූ මට විරුද්ධව ඔවුන් රැස්ව මට පහරදෙනවා ඇත; මා හා මාගේ පවුල විනාශවන්නේයයි කීය.
තවද අම්මොන් පුත්‍රයෝ දාවිත් ඉදිරියෙහි තමුන් පිළිකුල්වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්-රෙහෝබ්හි සිරියවරුන්ගෙනුත් ශෝබාහි සිරියවරුන්ගෙනුත් පාබළ සෙනඟ විසි දහසක්ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් දොළොස් දහසක්ද කුලියට ගත්තෝය.
ඔව්හු ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ නුඹලා දෙස බලා විනිශ්චයකරනසේක්වා; මක්නිසාද නුඹලා ඵාරාවෝ ඉදිරියෙහිද ඔහුගේ සේවකයන් ඉදිරියෙහිද අප දුර්ගන්ධයක් වෙන්ට සලස්වා අප මරන පිණිස ඔවුන්ගේ අතට කඩුවක් දුන්නහුයයි කීවෝය.
සාවුල් විසින් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන් බවත් පිලිස්තිවරුන් ඉශ්‍රායෙල්ට පිළිකුල්කළ බවත් සියලු ඉශ්‍රායෙල්වරුන්ට සැලවිය. සෙනඟද ගිල්ගාල්හි සිටිය සාවුල් වෙතට රැස්වූවෝය.
ගාත්ට ගෙනඑන පිණිස දාවිත් පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් ඉතුරුකළේ නැත; මක්නිසාද: දාවිත් මේ මේ ආකාර කළේය කියා ඔවුන් අපට විරුද්ධව කාරණා දන්වන්ට පුළුවනැයි ඔහු සිතුවේය. ඔහු පිලිස්තිවරුන්ගේ රටේ සිටි කාලය මුළුල්ලෙහි ඔහුගේ හැසිරීම එයාකාරව තිබුණේය.
තවද ඒ දවස්වලදී පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට විරුද්ධව සටන් කරන පිණිස තමුන්ගේ සේනා යුද්ධයට රැස්කළෝය. ආකීෂ් දාවිත්ට කථාකොට: නුඹ හා නුඹේ මිනිසුන් මා සමඟ සමුදාව අතරේ යන්ට ඕනෑ බව දැනගන්නැයි කීවේය.