එවිට අබිෂයි දාවිත්ට කථාකොට: දෙවියන්වහන්සේ අද ඔබගේ සතුරා ඔබ අතට පාවාදුන්සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමටම ඇනදමන්ට මට අවසර දුනමැනවි, ඔහුට පහර දෙකක් නොගසන්නෙමියි දාවිත්ට කීය.
එවිට ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි රජුට කථාකොට: අර මළ බල්ලා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මක්නිසාද? ගොස් ඔහුගේ හිස කපාදමන්ට මට අවසර ලැබේවයි කීවේය.
ඔබ සතුරාගේ අතේ මා හිරකොට නොතැබූසේක; විශාල භූමියක මාගේ පාද පිහිටෙවුසේක.
එකල කාරේයාගේ පුත්‍රවූ යොහානාන් මිශ්පාහිදී ගෙදලියාට රහසින් කථාකොට: මා ගොස් කිසිවෙකු නොදැනුවත්ව නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේවා. නුඹ වෙතට රැස්වී සිටින සියලු යුදෙව්වන් විසිර ගොස්, මෙසේ ඉතිරිව සිටින යූදාවරුන් නැතිවෙන හැටියට, ඔහු නුඹ මරන්නේ කුමටදැයි කීවේය.
[අෂූර්වරුනි,] නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කුමක් යෝජනාකරන්නහුද? උන්වහන්සේ මුළුමනින්ම තීන්දුවක් කරනසේක. විපත්තිය දෙවරක් නොපැමිණෙන්නේය.
මක්නිසාද දෙවියන්වහන්සේ සියල්ලන්ටම කරුණාකරන පිණිස සියල්ලන්ම අකීකරුකමෙහි වසා තැබූසේක.
ඔවුන්ගේ පර්වතයාණෝ ඔවුන් නොවික්ක සේක් නම්, ස්වාමීන්වහන්සේ ඔවුන් පාවානුදුන්සේක් නම්, එක්කෙනෙකු විසින් දහසක් පන්නාදමන්නෙත්, දෙදෙනෙකුන් විසින් දසදහසක් එළවන්නෙත් කෙසේද?
ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන්වහන්සේ ඔවුන්ට විශ්‍රාම දුන්සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධව සිටින්ට නොහැකිවිය; ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවාදුන් සේක.
යූදා එසේ නැගී ගිය කල ස්වාමීන්වහන්සේ කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද ඔවුන්ගේ අතට පාවාදුන්සේක. ඔව්හු බෙශෙක්හිදී මනුෂ්‍යයන් දසදහසකට පහර දුන්නෝය.
දාවිත් කාන්තාරයේ බලකොටුවල වාසයකරමින් ශීප් කාන්තාරයේ තිබෙන කඳු රටේ සිටියේය. සාවුල් හැමදාම ඔහු සෙවුවේය, නුමුත් දෙවියන්වහන්සේ සාවුල් අතට ඔහු පාවා නුදුන්සේක.
එවිට දාවිත්ගේ මිනිස්සු කථාකොට: මෙන්න, නුඹට හොඳව පෙනෙන ලෙස නුඹේ සතුරාට කරන පිණිස මම නුඹ අතට ඔහු පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කීවේ අද දවස ගැනයයි කීවෝය. එවිට දාවිත් නැගිට සාවුල්ගේ සළුවේ කොණ රහසින් කපාගත්තේය.
නුමුත් පසුව දාවිත්ගේ සිත සාවුල්ගේ සළුවේ කොන කපාගත් බැවින් ඔහුට දොස් තැබුවේය.
ස්වාමීන්වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ ධර්මිෂ්ඨකමද විශ්වාසකමද ලෙස විපාකදෙනසේක්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඔබ මා අතට පාවාදුන් නුමුත් මම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව මාගේ අත දිගුකරන්ට නොකැමැතිවීමි.
මෙසේ දාවිත්ද අබිෂයිද රාත්‍රියෙහි සෙනඟ ළඟට පැමිණිවිට, සාවුල් තමාගේ හෙල්ලය තමාගේ හිස ළඟ බිම සිටුවා, ගැල් තිබුණු ස්ථානයේ නිදා ඉන්නවා දුටුවෝය. අබ්නේර් සහ සෙනඟ ඔහු වටකර නිදාඋන්නෝය.
දාවිත් කථාකොට: ඔහු විනාශනොකරන්න. ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව තමාගේ අත දිගුකර නිර්දෝෂව සිටින්ට පුළුවන් කාටදැයි අබිෂයිට කීවේය.