නාබල් තමාගේ බැටළුවන්ගේ ලොම් කප්පවන බව කාන්තාරයේදී දාවිත්ට සැලවිය.
බලව, නුඹේ මාමා තමාගේ බැටළුවන්ගේ ලොම් කපන පිණිස තිම්නාට යන්නේයයි තාමාර්ට කියනලද්දේය.
මීට පුරා දෑවුරුද්දකට පසු එප්‍රායිම්ට නුදුරුවූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූවෝය. අබ්සලොම් සියලු රාජ පුත්‍රයන් කැඳෙවුවේය.
ඒ මනුෂ්‍යයාගේ නම නාබල්ය; ඔහුගේ භාර්යාවගේ නම අබීගායිල්ය. ඒ ස්ත්‍රී වනාහි බුද්ධිමත්, රූප ශෝභාව ඇති තැනැත්තියක් වූවාය. එහෙත් ඒ මනුෂ්‍යයා ක්‍රියාවලින් කර්කශවූ නපුරු වූ කෙනෙකි. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.
දාවිත් යෞවනයන් දස දෙනෙකු යවමින්: නුඹලා කර්මෙල්ට ගොස්, නාබල් ළඟට පැමිණ, මාගේ නාමයෙන් ඔහුගේ සැප සනීප අසා,