Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 සාමුවෙ 25:33

Sinhala Revised Old Version

නුඹේ නුවණටද ප්‍රශංසා වේවා, ලේ වගුරුවා මාගේම අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැලැක්වූ නුඹට ආශීර්වාද වේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා. මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම අතරේදී පවා මාගේ යාච්ඤාව පවතින්නේය.

උමං කණින අතර සොරා අසුවී පහර ලැබීමෙන් මළොත් ඔහු ගැන මිනීමැරීමේ වරදක් නොවන්නේය.

ප්‍රඥාවන්තයාගේ උපදේශය මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය.

අඥානයෙකුට පහර සියයකට වඩා, නුවණ ඇත්තෙකුට තරවටුව වදින්නේය.

ප්‍රඥාවන්තලෙස අවවාදකරන්නා, අසන කනට රන් කුණ්ඩලාභරණයක්ද පවිත්‍ර ස්වර්ණාභරණයක්ද මෙනි.

රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; මනුෂ්‍යයෙක් ඔහුට ලැබෙන ප්‍රශංසාවෙන් පරීක්ෂාකරනු ලබයි.

ඉච්චා බස් කියන්නාට වඩා මනුෂ්‍යයෙකුට තරවටුකරන්නාට අන්තිමේදී ප්‍රශංසාව ලැබේ.

ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න, ඔහු වඩා ඥානවන්තවන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න, ඔහු ඉගෙනගැන්මෙහි දියුණුවන්නේය.

මනුෂ්‍යයෙකුට තමාගේ සතුරා අසුවුණොත් ඔහු සුවසේ යන්ට හරීද? එබැවින් නුඹ අද දවසේ මට කළ කාරණය ගැණ ස්වාමීන්වහන්සේ නුඹට යහපත් විපාකයක් දෙනසේක්වා.

දැන් මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත් වන බව සැබෑවා සේම, ලේ වැගිරීමේ අපරාධයෙන්ද ඔබගේම අතින් පළිගැනීමෙන්ද ස්වාමීන්වහන්සේ ඔබ වැලැක්වූසේක්මය, එබැවින් ඔබගේ සතුරෝද මාගේ ස්වාමියාට අන්තරාකරන්ට සොයන්නෝද නාබල් මෙන් වෙත්වා.

මාගේ ස්වාමියා නිකරුණේ ලේ වැගිරෙවුවාය කියාවත් තමාගේම අතින් පළිගත්තාය කියාවත් මේක ඔබට චිත්ත ඛේදයක් හෝ ශෝකයක් නොවන්නේය. තවද ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට යහපත කළ කල්හි ඔබගේ මෙහෙකාරී සිහිකළ මැනවැයි කීවාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්