ඔහු දාවිත්ට කථාකොට: නුඹ මට වඩා ධර්මිෂ්ඨය. මක්නිසාද මා නුඹට නපුර කළ නුමුත් නුඹ මට යහපත කෙලෙහිය.
යූදා ඒවා හැඳින: ඈ මට වඩා ධර්මිෂ්ඨය; කුමක් හෙයින්ද මාගේ පුත්‍රවූ ෂේලාට ඈ නුදුන්නෙමියි කීවේය. ඔහු තවත් ඈ නොහැඳින්නේය.
උන්වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම එළිය මෙන්ද ඔබගේ යුක්තිය මද්දහන මෙන්ද නික්මවනසේක.
එවිට ඵාරාවෝ පණිවුඩ යවා මෝසෙස් සහ ආරොන් හඬගස්වා: මම මේ වතාවේ පව්කෙළෙමි. ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේක, මමද මාගේ සෙනඟද දුෂ්ටයෝය.
නිදොස් ලේ පාවාදීමෙන් මම පව්කෙළෙමියි කීවේය. නුමුත් ඔව්හු: එයින් අපට කම මොකද? නුඹම බලාගන්නැයි කීවෝය.
නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;
සාවුල් දාවිත්ගේ හඬ ඇඳින: මාගේ පුත්‍රවූ දාවිත්, ඔය නුඹේ හඬදැයි ඇසීය. දාවිත්ද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, ඒ මාගේ හඬය.
එවිට සාවුල්: මම පව්කෙළෙමි. මාගේ පුත්‍රවූ දාවිත්, හැරීඑන්න. මාගේ ප්‍රාණය අද දවසේ නුඹට අනර්ඝව පෙනුණු නිසා නුඹට තවත් හිංසා නොකරන්නෙමි. මම මෝඩයෙක් මෙන් හැසිර බොහෝසේ මුළාවීමියි කීවේය.