Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 සාමුවෙ 23:28

Sinhala Revised Old Version

එබැවින් සාවුල් දාවිත් පස්සේ එළවාගනයාමෙන් හැරී ඇවිත් පිලිස්තිවරුන්ට විරුද්ධව ගියේය. ඒ නිසා ඔව්හු ඒ ස්ථානයට සෙල-හම්මාලෙකොත් යන නම තැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

පක්ෂි වැද්දන්ගේ උගුලෙන් පක්ෂියෙකු මෙන් අපේ ප්‍රාණය ගැළවුණේය. උගුල බිඳී ගියේය, අපි ගැළවුණෙමුව.

සාවුල්ද ඔහුගේ මිනිස්සුද ඔහු සොයන්ට ගියෝය. ඒ බව දාවිත්ට දන්වනලද බැවින් ඔහු පර්වතයට බැස ඇවිත් මායොන් කාන්තාරයෙහි සිටියේය. සාවුල් ඒ අසා මායොන් කාන්තාරයෙහි දාවිත් පස්සේ එළවාගන ගියේය.

එහෙත් සාවුල් ළඟට පණිවිඩකාරයෙක් ඇවිත්: කොල්ලකෑමට පිලිස්තිවරුන් රටට ඇවිත් සිටින නිසා ඉක්මනින් අවමැනවැයි කීවේය.

දාවිත් එතනින් ගොස් ඒන්-ගෙදියේ බලකොටුවල සිටියේය.

තවද සාවුල් පිලිස්තිවරුන් ලුහුබැඳ යාමෙන් හැරී ආ කල: දාවිත් ඒන්-ගෙදියේ කාන්තාරයෙහි සිටිනවාය කියා ඔහුට දන්වනලද්දේය.

එවිට සාවුල් සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් තුන්දහසක් රැගෙන වල් එළුවන් ගැවසෙන පර්වත පිට දාවිත් හා ඔහුගේ මිනිසුන් සොයන්ට ගියේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්