Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 සාමුවෙ 23:20

Sinhala Revised Old Version

එබැවින් රජ්ජුරුවෙනි, එන්ට ඔබගේ සිතේ ඇති මුළු ආශාව ලෙස අවමැනවි; රජ්ජුරුවන් අතට ඔහු අල්වාදීම අපේ වැඩක්යයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

අබ්නේර් දාවිත්ට කථාකොට: මම පිටත්ව ගොස් සියලු ඉශ්‍රායෙල්වරුන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ ගිවිසුමක් කරන පිණිස ඔවුන් ඔබ වෙතට රැස්කරගන එන්නෙමි, මෙසේ ඔබගේ සිතට ආසා ඇති සියල්ලන් කෙරෙහි ඔබ රජකම්කරනවා ඇතැයි කීවේය. දාවිත් අබ්නේර් යන්ට ඇරියේය; ඔහු සමාදානයෙන් ගියේය.

දුෂ්ටයා ඒ දැක ශෝකවන්නේය; ඔහු දත්මිටිකා පහව යන්නේය. දුෂ්ටයන්ගේ ආශාව ඉෂ්ට නොවන්නේය.

මක්නිසාද විදේශීහු මට විරුද්ධව නැගිට සිටිති, බලාත්කාරකරන්නෝද මාගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවෝය. ඔව්හු තමුන් ඉදිරියෙහි දෙවියන්වහන්සේ තබා නොගත්තෝය.

ධර්මිෂ්ඨයන්ගේ ආශාව යහපතමය; දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව උදහසය.

දුෂ්ට මනුෂ්‍යය, ධර්මිෂ්ඨයාගේ නිවසෙට විරුද්ධව රැක නොසිටින්න; ඔහුගේ වාසස්ථානය කොල්ලනොකන්න.

බොහෝදෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයති; එහෙත් මනුෂ්‍යයෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.

මුළු ඉශ්‍රායෙල්හි කොතන නමුත් තිබෙන නුඹේ යම් නුවරක පොරොත්තුව සිටින ලෙවීයයෙක් එතනින් පිටත්වී ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට තමාගේ සිතේ මුළු ආශාව ඇතුව ආවොත්,

එවිට දාවිත්: කෙයිලාහි මනුෂ්‍යයන් මා සහ මාගේ මිනිසුන් සාවුල් අතට පාවාදෙනවා ඇද්දැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: ඔවුන් පාවාදෙනවා ඇතැයි කීසේක.

සාවුල්: නුඹලා මට අනුකම්පාකළ නිසා ස්වාමීන්වහන්සේගෙන් නුඹලාට ආශීර්වාදවේවා.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්