දාවිත් එතැනින් මෝවබ්හි මිශ්පාට ගොස් මෝවබ් රජුට කථාකොට: දෙවියන්වහන්සේ මට කරන්ට යන්නේ කුමක්දැයි මා විසින් දැනගන්නතුරු මාගේ මවුපියන් අවුත් නුඹලා වෙත සිටින්ට අවසර ලැබේවයි කීවේය.
යෝසෙප් ඵාරාවෝ අණකළ ලෙස තමාගේ පියා සහ සහෝදරයන් පදිංචිකරවමින් මිසර දේශයේ ඉතා හොඳ පළාතවූ රමෙසෙස් නම් ප්‍රදේශයෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය.
ඔහු මෝවබ්වරුන්ටත් පහරදී, ඔවුන් බිම දිගාවෙන්ට සලස්වා, ලනුවකින් මැන්නේය; මරණ පිණිස පේළි දෙකක්ද ඉතුරුකරන පිණිස එක සම්පූර්ණ පේළියක්ද මැන්නේය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවෝ ව කප්පන් ගෙනාවෝය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.
නුමුත් යම් වැන්දඹු ස්ත්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ.
එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය යෙප්තා කෙරෙහි පැමුණුණේය, ඔහු ගිලියද් සහ මනස්සේ මැදින් ගොස් ගිලියද්හි මිශ්පේට පැමිණ, ගිලියද්හි මිශ්පේ සිට අම්මොන් පුත්‍රයන් වෙතට ගියේය.
ඇරත් මැරුණු අයගේ නාමය ඔහුගේ සහෝදරයන් අතරෙන්ද ඔහුගේ ස්ථානයේ දොරටුවෙන්ද මැකීනොයන පිණිස මැරුණු අයගේ උරුමය කෙරෙහි ඔහුගේ නාමය ගෙනයන පිණිස මාලොන්ගේ භාර්යාවවූ මෝවබිය රූත් මාගේ භාර්යාව කොට මිලදී ගතිමි. ඊට නුඹලා අද සාක්ෂිකාරයෝයයි කීවේය.
අසල්වාසි ස්ත්‍රියෝ: නායොමිට පුත්‍රයෙක් උපන්නේය කියා ඕබෙද් යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය.
මෙසේ සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම ලැබුවායින් පසු වටකර සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත් අම්මොන් පුත්‍රයන්ටත් ඒදොම්වරුන්ටත් ශෝබාහි රජුන්ටත් පිලිස්තිවරුන්ටත් විරුද්ධව යුද්ධ කෙළේය. ඔහු ගිය ගිය තැන ජයගත්තේය.
විපතට පත්වූ සියල්ලෝද ණයතුරුස් ඇති සියල්ලෝද නොසතුටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැස්වූහ; ඔහු ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඇති වූහ.
ඔහු මෝවබ් රජු ඉදිරියට ඔවුන් කැඳවාගන ගියේය. ඔව්හුද දාවිත් කොටුවෙහි සිටි කාලය මුළුල්ලේම රජු වෙත වාසයකළෝය.
සාමුවෙල් කිසිවක් නොසඟවා ඒ සියල්ලම ඔහුට කීවේය. එවිට ඔහු: උන්වහන්සේ ස්වාමීන්වහන්සේය; උන්වහන්සේට යහපත්ව පෙනෙන හැටියට කරනසේක්වයි කීවේය.