යොනාතාන්ද: නුඹට එසේ නොවේවා. නුඹ පිටට නපුරක් පමුණුවන්ට මාගේ පියා නියමකරගන සිටින බව මම ඇත්තටම දැනගතිම්නම් මා ඒක නුඹට දන්වන්නේ නැද්දැයි කීවේය.
නුමුත් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් දාවිත් කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටියේය. යොනාතාන් එය දාවිත්ට දන්වමින්: මාගේ පියවූ සාවුල් නුඹ මරන්ට සොයන්නේය. ඒ නිසා නුඹ හෙට උදේ ප්‍රවේසම්වී රහස් තැනක සැඟවී සිටින්න.
මම ඇවිත් නුඹ සිටින කෙතෙහි මාගේ පියාණන් ළඟ සිට නුඹ ගැන මාගේ පියාණන් සමඟ කථාකොට, කාරණා දැනගන නුඹට දන්වන්නෙමියි දාවිත්ට කීවේය.
එවිට දාවිත්: නුඹේ පියාණන් නුඹට තදලෙස උත්තර දුන්නොත් මට දන්වන්නේ කවුදැයි යොනාතාන්ගෙන් ඇසුවේය.
යොනාතාන් ළමයාට මොරගසා: කඩිසරවී ඉක්මන් වෙන්න, ප්‍රමාදවෙන්ට එපායයි කීය. යොනාතාන්ගේ ළමයාද ඊගස් එකතුකරගන තමාගේ ස්වාමියා ළඟට ආවේය.
යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේද මාගේ වංශය සහ නුඹේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය.
එවිට නුඹේ මෙහෙකරුවාවූ මට නුඹ කරුණාව පෙන්වන්ට ඕනෑය; මක්නිසාද නුඹේ මෙහෙකරුවා සමඟ නුඹ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෙහිය. නුමුත් මා කෙරෙහි වරදක් ඇත්නම් නුඹම මා මරන්න; නුඹේ පියාණන් වෙතට මා ගෙනයන්නේ මක්නිසාදැයි කීවේය.